2025 චැම්පියන්ස් කුසලානයට ඉන්දියාවෙන් ප්‍රබල සංචිතයක්

එළඹෙන චැම්පියන්ස් කුසලානය සඳහා වන ඉන්දීය සංචිතය මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයට පත්කළා.

ඒ, ඉන්දීය ක්‍රිකට් ආයතන විසින් කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකදීයි.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතයේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමිව ඇති අතර, උප නායකත්වය ෂුබ්මන් ගිල්ට පැවරී තිබෙනවා.

ඉන්දීය සංචිතය පහතින්.

රෝහිත් ෂර්මා (නායක), ෂුබ්මන් ගිල් , යෂස්වි ජයිස්වාල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, රිෂාබ් පාන්ට්, කේ.එල් රාහුල්, හාර්දික් පාණ්ඩ්‍යා, අක්ෂර් පටෙල්, රවීන්ද්‍ර ජඩේජා, වොෂින්ටන් සුන්දර්, කුල්දීප් යාදව්, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් ෂාමි, අර්ෂ්දීප් සිං