දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනයට විධිමත් වැඩපිළිවෙලක්

දිවිපිදූ රණවිරුවන්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය හා පවතින ගැටළු විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවැත් වුණා.

මීට පෙර පැවති සාකච්ඡාවල දී එළඹි තීරණ වලට අනුව, මේ දක්වා ලබාගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය මෙන්ම රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයන් මුහුණ දෙන අභියෝග කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානය යොමුව තිබෙනවා.

මෙම ගැටළු ඵලදායීව සහ කාර්යක්‍ෂමව විසඳීම සඳහා ක්‍රමානුකූල ප්‍රවේශයක අවශ්‍යතාවය කමිටුව විසින් අවධාරණය කරනු ලැබුවා.

රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනයට ප්‍රමුඛත්වය ලබාදෙන ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කළා.

ඒ, අනුව ඵලදායී සහ තිරසාර විසඳුම් ලබාදීම සඳහා පත් කරනු ලැබූ කමිටුවෙහි කැපවීම මෙම සාකච්ඡාවේ දී යළිත් තහවුරු කළා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අදාළ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මාධ්‍ය හමුවක් පවත්වන ලද අතර, එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ වත්මන් රජය මෙම රණවිරු පවුල්වල අවශ්‍යතා සපුරාලීමට සහ කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් තුළින් ඔවුන්ගේ ජීවන යහපැවැත්ම සහතික කිරීමට කැපවී සිටින බවයි.

කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ මෙම සාකච්ඡාව පැවැත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33