වසර 28කට පසු ඕස්ට්‍රේලියාව තුළ ටෙස්ට් තරගාවලියක් නොමිලේ පෙන්වන්න සැරසෙයි

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලිය හැර 1997 වසරෙන් පසු ඕස්ට්‍රේලියාව තුළ නොමිලේ විකාශය කරන පළමු ටෙස්ට් තරගාවලිය බවට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ටෙස්ට් තරග දෙක පත්ව තිබෙනවා.

ඒ, අනුව එළඹෙන 29 වනදා ගාල්ලේ දී ආරම්භවන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ඕස්ට්‍රේලියාව තුළ නොමිලේ විකාශය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම තරගාවලියේ ඕස්ට්‍රේලියාව තුළ විකාශක අයිතිය ලබා ගැනීමට The Seven Network රූපවාහිනී ජාලය පසුගිය දා කටයුතු කර තිබුණා.

ඒ, මෙම තරගාවලිය විකාශය සඳහා වෙනත් කිසිඳු රූපවාහිනී ආයතනයක් උනන්දුවන් නොදැක් වූ පසුබිමකයි.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට මෙම තරගාවලිය රූපවාහිනිය ඔස්සේ නැරඹීමේ අවස්ථාව පැවතුනේ අවිනිශ්චිත තත්ත්වයකයි.

කෙසේ වෙතත් The Seven Network රූපවාහිනී ජාලය මෙම තරගාවලියේ දේශීය විකාශ අයිතිය ලබා ගැනීමට කටයුතු කිරීමත් සමඟ ඔවුන්ගේ නොමිලේ විකාශය කරන නාලිකාව හරහාත් 7plus යෙදුම හරහාත් එය නොමිලේ නැරඹීමට ඕස්ට්‍රේලියානුවන්ට මේ වනවිට හිමිව තිබෙනවා.

මීට වසර 28කට පෙර එනම් 1997 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය ඕස්ට්‍රේලියාව තුළ නොමිලේ රූපවාහිනියේ විකාශය කර තිබෙනවා.

ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහභාගී වන අළු බඳුන තරගාවලි හැරෙන්නට ඕස්ට්‍රේලියාව විදෙස් රටක දී සහභාගී වූ වෙනත් කිසිඳු ටෙස්ට් තරගාවලියක් ඕස්ට්‍රේලියාව තුළ නොමිලේ විකාශය කර තිබුණේ නැහැ.

මේ අතර ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය එළඹෙන 29 වනදා ආරම්භ වන අතර, දෙවන සහ අවසන් ටෙස්ට් තරගය පෙබරවාරි 06 වනදා ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19