දකුණු අප්‍රිකානු 20-20 ලීගයේ ශූරයින් ලෙස සන්රයිසස් ඊස්ටර්න් කේප් පිළ කිරුළු පළඳියි

2023 දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට සන්රයිසස් ඊස්ටර්න් කේප් කණ්ඩායම අද (12) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායම කඩුලු 04කින් පරාජය කරමින්.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ සන්රයිසස් නායක ඒඩන් මාක්‍රම්ගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ප්‍රිටෝරියා කැපිටල්ස් ක්‍රීඩකයින් පන්දුවාර 19යි පන්දු 03ක් තුළ සියල්ලන් දැවී ලකුණු 135ක් රැස්කළා.

එහිදී ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 19ක් තුළ ලකුණු 21ක් රැස්කරමින් ප්‍රිටෝරියා කැපිටල්ස් පිළේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා.

රිලී රොසෝව් සහ ජේම්ස් නීෂම් ප්‍රිටෝරියා ඉනිම වෙනුවෙන් ලකුණු 19 බැඟින් රැස් කළා.

පන්දු යැවීමේ දී රොලොෆ් වෑන් ඩර් මර්වේ, ප්‍රිටෝරියා ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමුවේ පන්දුවාර 04 තුළ ලකුණු 31ක් පමණක් ලබා දෙමින්.

ලකුණු 136ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සන්රයිසස් ඊස්ටර්න් කේප් ක්‍රීඩකයින් එම ඉලක්කය කඩුලු 06ක් බිඳ වැටී පන්දුවාර 16යි පන්දු 02ක් තුළ පසුකර යමින් අවසන් මහා තරගයේ ශූරතාව දිනාගත්තා.

සන්රයිසස් පිළ ජයග්‍රහණය කරා රැගෙන යාමට මාවත සැකසූ ආරම්භක පිතිකරු ඇඩම් රොසින්ටන් පන්දු 30ක් තුළ වේගවත් ලකුණු 57ක් රැස් කළා.

ජෝර්ඩන් හර්මන් සහ ඒඩන් මාක්‍රම් පිළිවෙලින් ලකුණු 22 සහ 26 බැඟින් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඒ, අනුව පළමුවරට පැවති දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීග් තරගාවලියේ ශූරතාවට හිමිකම් කියන්නට සන්රයිසස් ඊස්ටර්න් කේප් පිළට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57