ශ්රී ලංකා, පාකිස්ථාන සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්ස විස්ස තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට අද (16) හැකියාව ලැබුණා.
ඒ, බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගය ජයගනිමින්.
පාකිස්තානයේ ෆයිසලාබාද් හිදී පැවති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 06ක් දැවී ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණා.
අනතුරව පිළිතුරු ඉනිම ක්රීඩාකළ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 154ක් පමණයි.
ඒ අනුව අවසන් මහා තරගය ලකුණු 04කින් ජයගත් ශ්රී ලංකා ක්රීඩිකාවන් තුන්කොන් තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තා.










