තුන්කොන් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

ශ්‍රී ලංකා, පාකිස්ථාන සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්ස විස්ස තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (16) හැකියාව ලැබුණා.

ඒ, බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගය ජයගනිමින්.

පාකිස්තානයේ ෆයිසලාබාද් හිදී පැවති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 06ක් දැවී ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 154ක් පමණයි.

ඒ අනුව අවසන් මහා තරගය ලකුණු 04කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තුන්කොන් තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භික්ෂූන් වහන්සේලා විරෝධතාවය අවසන් කරලා කොටුව උසාවියට යන්න සැරසෙයි
06:38
Video thumbnail
එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සුරේෂ් සලේව කැඳවයි
02:15
Video thumbnail
විරෝධතාවයේ සිටි භික්ෂූන් වහන්සේලා අට්ටාල ගලවගෙන යන හැටි - මහ සඟරුවන අධිකරණ තීන්දුවට ගරු කරයි
02:53
Video thumbnail
"ඥානසාර හිමිව නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නෑ"බන්ධනාගාරයේ භික්ෂු වාට්ටු වෙනම තියෙනවා
04:43
Video thumbnail
"අනං මනං කියලා හරියන්නේ නෑ..නිදහස් කරන්න" බන්ධනාගාර කොමසාරිස් මහනාහිමිවරු බැහැදකියි
09:45
Video thumbnail
කස්සප හිමි ළඟටම ගිහින් පොලිසියේ මහත්වරු කිව්ව දේ..
01:50
Video thumbnail
නාමල් දුක දරාගෙන යළි හිරගෙට ගිය හැටි
01:43
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:37
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13