‘රන් මල්ලී’ බල්ගේරියාවේ දී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චරිත් සඳකැලුම් නොහොත් ‘රන් මල්ලී’ නැමැත්තා බල්ගේරියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

රන් මල්ලී නැමැත්තා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නැමැත්තාගේ ප්‍රධාන සහයකයෙකු ලෙස කටයුතු කළ අයෙක්.