ශිරන්තිගේ වෛද්‍ය වර්තාව අධිකරණයට – නඩුව හවස 2.30 දක්වා කල් යයි

සිරිලිය සවිය” අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සම්බන්ධයෙන් අධිකරණයට අද (16) ඉදිරිපත් කරන ලද වෛද්‍ය වර්තාව ⁣පරිශීලනය කර බැලීමට අවශ්‍ය බැවින් නඩුව 2.30 ට නැවත කැඳවන ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් දීලිප පිරිස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ.

සිද්ධියට අදාළ නඩුව දැන් කැඳවු අතර බන්ධනාගාර අධිකාරීවරයා විසින් අධිකරණයට ඉදරිපත් කරන ලෙසට නියෝග කර තිබු වර්තාව පැමිණිල්ලට නොලබුණ බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරිමට ලබන සඳුදා දින නැවත නඩුව කැඳවන ලෙස අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් කළා.

එම අවස්ථාවේදි විත්තිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පවසා සිටියේ තමන්ටත් ඒ වෛද්‍ය වාර්තාවේ කරුණු සලකා බැලීමට අවශ්‍ය බැවින් නඩුව අද දිනයේම පසුව කැඳවන ලෙසයි.

ඒ, අනුව නඩුව පස්වරු 2.30ට කැඳවිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භික්ෂූන් වහන්සේලා විරෝධතාවය අවසන් කරලා කොටුව උසාවියට යන්න සැරසෙයි
06:38
Video thumbnail
එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සුරේෂ් සලේව කැඳවයි
02:15
Video thumbnail
විරෝධතාවයේ සිටි භික්ෂූන් වහන්සේලා අට්ටාල ගලවගෙන යන හැටි - මහ සඟරුවන අධිකරණ තීන්දුවට ගරු කරයි
02:53
Video thumbnail
"ඥානසාර හිමිව නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නෑ"බන්ධනාගාරයේ භික්ෂු වාට්ටු වෙනම තියෙනවා
04:43
Video thumbnail
"අනං මනං කියලා හරියන්නේ නෑ..නිදහස් කරන්න" බන්ධනාගාර කොමසාරිස් මහනාහිමිවරු බැහැදකියි
09:45
Video thumbnail
කස්සප හිමි ළඟටම ගිහින් පොලිසියේ මහත්වරු කිව්ව දේ..
01:50
Video thumbnail
නාමල් දුක දරාගෙන යළි හිරගෙට ගිය හැටි
01:43
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:37
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13