කාවන්තිස්සගේ ප්‍රතිකාරවලට බාධාවෙන ලෙස හැසිරෙන්න එපා – පරිසර අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

ගල්ගමුව, සියඹලන්ගමුව, යාය 01 ප්‍රදේශයේ වෙල්යයාක වැටී සිටින කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කටයුතු කිරීම මේ වනවිටත් අරඹා තිබෙනවා.

විශාල පිරිසක් එය නැරඹීම සඳහා පැමි⁣ණෙමින් සිටින අතර, අද (16) උදෑසන පටන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මෙම ස්ථානයේ රැඳී සිටිමින් ඇතා පිළිබඳව සොයා බලමින් සිටින බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර පරිසර අමාත්‍යංශය දැනුම් දෙන්නේ කාවන්තිස්ස ඇතාගේ ප්‍රතිකාරවලට බාධා නොවන ලෙස නිහඬ පරිසරයක් සුරැකීමට සහායවන ලෙසයි.

සේලයින් සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙමින්, සත්ත්වයාගේ කායික ස්ථාවරත්වය ඇති කිරීමට අවශ්‍ය සියලු විද්‍යාත්මක ක්‍රමවේද අඛණ්ඩව ක්‍රියාත්මක බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබන භූමිය අවට මිනිසුන් එක්රැස් වීම සත්ත්වයා දැඩි මානසික ආතතියකට ලක් කිරීමටත්, වෛද්‍ය කණ්ඩායමේ සංවේදී ප්‍රතිකාර කටයුතුවලට බාධා ඇති වීමටත් සෘජුව හේතුවන බවයි දැනුම් දෙන්නේ.

වනජීවී පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන පරිදි, මෙවැනි සංකීර්ණ අවස්ථාවකදී සත්ත්වයාගේ හෘද ස්පන්දනය, රුධිර පීඩනය සහ ප්‍රතිචාර යථා තත්ත්වයට පත් කරගැනීමට නම් බාහිර ශබ්දවලින් තොර, නිහඬ සහ සන්සුන් පරිසරයක් පැවතීම අනිවාර්ය සාධකයක් බව පරිසර අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ, අනුව ප්‍රතිකාර කලාපය තුළට අනවශ්‍ය ලෙස ඇතුළු වීමෙන් හා එම භූමිය අවට රොක් වීමෙන් වැළකීම, ශබ්ද නැගීම හෝ ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වැළකීම සහ වෛද්‍යවරුන්ට එම ප්‍රතිකාර කටයුතු නිදහසේ ඉටු කිරීමට ඉඩ සලසාදීම කරන ලෙසයි දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:44
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13
Video thumbnail
අධිකරණයට ආ නාමල් සහ ජානකී ලබන 23 දක්වා යළි රිමාන්ඩ්
00:29
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණි අයුරු - හිනාවෙවී ගැම්මට ආ හැටි
00:50
Video thumbnail
භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - "අපේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා"
03:41
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි - කැලඹුණු කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
පොලිසිය බාර ලේකම්ගෙන් මිහින්තලේ හිමිට සැර ප්‍රකාශයක්..හඬපටය ලීක්වෙයි?- ජීවිතයට මොකුත් වුණොත් බලාගන්න
12:08
Video thumbnail
නෙලුම් මල් කැඩීමට ගිහින් යළි නොඑන ගමන් ගිය පුද්ගලයා
00:32
Video thumbnail
මහ වැස්සත් සමඟ වැල්ලවාය කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:45