ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබූ අට්ටාල ඉවත්කර ගැනීමට එම ස්ථානය අසළ විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස මේ වනවිට කටයුතු කර තිබෙනවා.
ඒ, එම විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ නියෝගයට අනුවයි.
කොටුව මහේස්ත්රාත් අධිකරණය නිකුත් කරනු ලැබූ එම නියෝගය විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා ඉදිරියේ කියවා උන්වහන්සේලා වෙත භාරදීමට පොලිසිය අද (16) පෙරවරුවේ කටයුතු කරණු ලැබුවා.










