වෙනත් කාන්තාවකගේ ATM කාඩ්පතකින් මුදල් ගත් තරුණියව පොලිසියෙන් සොයයි

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ATM කාඩ්පතක් භාවිතා කර 2025.09.26 වන දින මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් කොහුවල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී කාන්තාවක් විසින් මෙම කාඩ් පතින් කොහුවල මහජන බැංකුවේ ATM යන්ත්‍රයෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

එම ATM යන්ත්‍රයේ සී.සී.ටී.වී දර්ශන වලින් ලබාගත් ඡායාරූප අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

සැකකාරියගේ ඡායාරූප පොලිසිය විසින් මාධ්‍ය වෙත යොමුකර ඇති අතර මෙම කාන්තාව සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දුරකථන අංක –
ස්ථානාධිපති / කොහුවල -071-8591669
පොලිස් ස්ථානය / කොහුවල – 011-2853929

එම සැකකාරියගේ ඡායාරූපය පහතින්,

image 2