කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන්, මෙරට සිට සෞදි අරාබිය දක්වා අත්හිටුවූ සියලු ගුවන් ගමන් ලබන 24 වැනිදා දක්වා තවදුරටත් අත්හිටුවීම ශ්රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
ශ්රී ලංකන් ගුවන් සේවය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, කොළඹ සහ දම්මාම් (Dammam) අතර මෙන්ම කොළඹ සහ රියාද් (Riyadh) අතර ද ක්රියාත්මක සියලු ගුවන් ගමන් අත්හිටුවීම ලබන 24 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බවයි.
මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ප්රමුඛතාව බැවින් මෙම තීරණය ගත් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.\
එමෙන්ම වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා තත්ත්වයන් යෝග්ය බව තහවුරු වූ පසු, නැවත සේවාවන් ආරම්භ කරන බවත් ශ්රී ලංකන් ගුවන් සේවය නිවේදනයකර තිබෙනවා.










