මරණ දඬුවම නියම වී සිටින අනෝජන් සිවරාසා හට සමාව ලබාදීම පිළිබඳව කාරුණිකව සලකා බලන ලෙස සෞදි අරාබියෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසනවා.
සිය සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ සටහනක් තබමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.
ආගම හෝ ජාතිය කුමක් වුව ද මෙම මානුෂීය ඉල්ලීමට සහාය දැක්වීමේදී ශ්‍රී ලාංකිකයන් අතර පවතින්නේ දැඩි එකමුතුවක් බවයි ජයසූරිය එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.
“ආගම හෝ ජාතිය කුමක් වුවත් අපි ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුව සිටිනවා. මානුෂීය පදනම මත අපගේ සිවරාසා අනෝජන්ට සමාව ලබා දීම පිළිබඳව කාරුණිකව සලකා බලන ලෙස අපි සෞදි අරාබි රාජ්‍යයෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබෙනවා.
මේ අතර අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම ලිහිල් කිරීමට ඉල්ලා අභියාචනයක් අද (10) දිනයේ සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිතව තිබුණා.
