AFC Banner
AFC Banner
Empty Ad

තිදෙනෙක් ගිය යතුරුපැදියක් ලොරියක ගැටී දෙදෙනෙක් මරුට

කල්පිටිය – පාලවිය ප්‍රධාන මාර්ගයේ සේතාපොල ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි නොරොච්චෝලේ පොලීසිය සඳහන් කළේ.

නොරොච්චෝලේ සිට මුන්දලම බලා ධාවනය වූ ලොරි රථයක පාලවිය දෙස සිට නොරොච්චෝලේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුව අවස්ථාවේ දී යතුරුපැදියේ තරුණයින් තිදෙනක් ගමන්කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් තිදෙනා බරපතළ තත්ත්වයෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එලෙස ඇතුළත් කරන අවස්ථාව වන විටත තරුණයින් දෙදෙනෙක් මියගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

මියගිය තරුණයින් දෙදෙනා වයස අවුරුදු 27 සහ 28 යන වයස්වල පසුවන්නන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළමු සතිය ලාල් කාන්තගේ රිලා සතිය - දැන් පොල් සම්බෝල සතිය - සජබයෙන් මාලිමාවට දෙහි කපයි
Video thumbnail
ගෙම්බො ටිකක් දාගෙන අනුර කුමාර දිසානායක මහත්තයා මොනවද මේ කරන්නේ ?
05:57
Video thumbnail
රම්පෙට පොරි හැලෙන්න කොළඹට වහින හැටි
06:35
Video thumbnail
පුටින් යුද්ධය නතර නොකළොත් දැඩි සම්බාධක #donaldtrump #putin
05:51
Video thumbnail
දිවා රෑ මහන්සි වෙලා රටම Clean කරයි - රට වටේ කසියා අල්ලයි
01:43
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරුන්ට කුකරි ක්ලාස් එකක්
21:17
Video thumbnail
ජනාධිපති ප්‍රසිද්ධ මාධ්‍යකට ගිහින් කියනවා - සහල් හිඟයට හේතුවක්ලු ගෙදර සුරතල් සත්තු ඇතිකරන එක
07:18
Video thumbnail
මේ ආණ්ඩුව අපි අවුරුදු 10ක් තියාගන්නවා - ටයිල් අඩු කළා මෙයාලා
09:49
Video thumbnail
ඩ්‍රෝන තාක්ෂනයෙන් වෙනස්ම වැඩක් - කොහොමද මාලිමා ආණ්ඩුවේ සුපිරි වැඩ
04:31
Video thumbnail
🔴පාර්ලිමේන්තුව සජීවීව - 2025.01.24
03:26:31

?