තායි රජ පෙළපතට අපහාස කළ මන්ත්‍රීවරියට වසර 6ක සිර දඬුවම්

සමාජ මාධ්‍යජාලය ඔස්සේ තායිලන්තයේ රාජකීය පෙළපතට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු වූ එරට පාර්ලිමේන්තු මන්ත්‍රීනි රුක්චනොක් ශ්‍රිනෝක්ට වසර 6ක සිර දඬුවම් නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට ‘මූව් ෆෝවර්ඩ්‘ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක වන 29 හැවිරිදි ශ්‍රීනෝක් වසර 2020 දී තායිලන්ත රජු වන මහා වජිරලොංකෝන්ට අයත් සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලැබූ කොවිඩ් එන්නත් වර්ගයක් සම්බන්ධව විවේචනය කරමින් ට්විටර් (වර්තමානයේ එක්ස්) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තැබූ සටහනකින් එම අපහාසය සිදුවූ බව තහවුරු වී තිබේ.

එරට රාජකීය නීතියට අනුව වසර තුනක සිර දඬුවමක් සහ පරිගණක අපරාධ පනත යටතේ තවත් වසර 3ක් ඇතුළත්ව මේ සිර දඬුවම පනවා ඇතැයි වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ නාඳුනන නිසල සිරුර
00:26
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න
01:32
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න..විදුලි කාන්දුවක් නිසා වෙච්ච විනාශයක්
02:14
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ සිරුර..සිරුර පුරාම සීරීම් සහ තුවාල දක්නට ලැබේ
00:49