තවත් ගුවන් යානයක් මුහුදකට කඩා වැටෙයි – දෙදෙනකු මරුට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාස් අල් කයිමා වෙරළ තීරය ආසන්නයේ දී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (29) සිදු ව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

Jazirah Aviation Club නමැති පෞද්ගලික ගුවන් සේවා සමාගමකට මෙම ගුවන් ‍යානය අයත් බවත් අනතුරින් මියගිය පුද්ගලයින් අතර ගුවන් නියමුවා ද සිටින බවත් පැවසෙනවා.

මෙම ගුවන් යානය කඩා වැටී ඇත්තේ මුහුදු කලාපයටයි.

සාමාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය (GCAA) ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ගුවන් අනතුරු විමර්ශන අංශයට වාර්තාවක් ලැබී ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ අනතුර සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බවයි.

මේ අතර හයිඩ්‍රොලික් දෝෂයක් හේතුවෙන් නෙදර්ලන්ත ගුවන් සේවයේ KLM Royal Dutch ගුවන් යානය හදිසි ගොඩබෑමක් සිදු කෙරුණා.

පෙරේදා (28) රාත්‍රියේ දී මෙම ගොඩබෑම සිදු කර ඇත්තේ නෝර්වේ හි සැන්ඩෙෆ්ජෝර්ඩ් ගුවන්තොටුපළට බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

ඔස්ලෝ ගුවන් තොටුපළෙන් ඇම්ස්ටර්ඩෑම් වෙත පියාසර කළ මෙම ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්ස නමුත් ධාවන පථයේ දී ලිස්සා ගොස් පෙරළී යාමට ද ලක් ව තිබෙනවා.

අනතුර සිදුවන විට දී යානයේ ගුවන් මගීන් 182 දෙනෙකු සිට ඇති අතර කිසිවෙකුට තුවාලයක් හෝ ජීවිත හානියක් සිදු ව නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17