තරුණියගේ නිරුවත් දර්ශන සමාජගත කරන බවට තර්ජනය කර 17 තරුණයා මුදල් ඉල්ලලා

සමීප ඇසුරක් පැවැත් වූ 20 හැවිරිදි තරුණියගේ නිරුවත් වීඩියෝ දර්ශන සමාජගත කරන බවට තර්ජනය කර, අයිස් මත්ද්‍රව්‍ය පානය සඳහා කප්පම් ඉල්ලූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල පොලීසිය මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 17 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වුණේ.

එහිදී සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී අදාළ තරුණියගේ නිරුවත් වීඩියෝ දර්ශන ද එහි තිබී සොයාගැනීමට පොලිසිය හැකිව තිබෙනවා.

සැකකරු සහ තරුණිය සිය නිවෙස්වලට හොර රහසේ මෙලෙස සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අදාළ තරුණිය වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සිය නිරුවත් දර්ශන තරුණයා වෙත යවා ඇති අතර, එහිදී තරුණයා තරුණියට හොර රහසේ ඒවා සිය ජංගම දුරකථනයේ ගබඩා කරගෙන තිබෙනවා.

සැකකරු අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා හුරු වූ අයෙක් වන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් නොමැති අවස්ථාවක දී තරුණිය අමතා තමන්ට අයිස් මත්ද්‍රව්‍ය හෝ මුදල් ගෙනවිත් දෙන ලෙස පවසා ඇති බව සඳහන්.

එලෙස මුදල් හෝ මත්ද්‍රව්‍ය ලබා නොදෙන්නේ නම් තමා සතුව ඇති ඇයගේ නිරුවත් දර්ශන සමාජගත කරන බවට පවසා තරුණියට තර්ජනය කර තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව තරුණිය සිය මවට පවසා ඇති අතර, අනතුරුව මේ සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය තරුණියට උපදෙස් ලබාදෙමින් පවසා ඇත්තේ, මුදල් ලබාදෙන බව පවසා ඔහුව කැඳවා ගන්නා ලෙසයි.

පොලිසිය උපදෙස් අනුව කටයුතු කළ තරුණිය දුරකථන ඇමතුමක් ලබා දී තරුණයාට පවසා ඇත්තේ මුදල් ලබාදීමට පැය දෙකක කාලයක් ලබා දෙන ලෙසයි.

එමෙන්ම මුදල් ලබා ගැනීම සඳහා පැමිණෙන්න ස්ථානයක් ද දන්වා සිටින ලෙසට ද තරුණයාට පවසා තිබෙනවා.

එහිදී තරුණයා තරුණියට පවසා ඇත්තේ හොන්නන්තර ප්‍රදේශයේ වෙළඳසැලක් අසලට මුදල් රැගෙන රාත්‍රී 7.30ට පැමිණෙන ලෙසයි.

හොන්නන්තර ප්‍රදේශයේ අදාළ වෙළඳසැලක අවට රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් සැකකාර තරුණයා මුදල් රැගෙන යාමට පැමිණෙන අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40