ශ්‍රී ලංකා මල්ලව පොර කණ්ඩායම භාර කළමනාකරු තරගාවලියක් සඳහා නෝර්වේ බලා ගිය අතරතුර පැනගොස් ඇතැයි වාර්තාවේ.
මෙලෙස පැනගොස් ඇත්තේ කළමනාකරු ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ නමැත්තෙකි. මොහු ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ උප සභාපති මෙන්ම ගම්පහ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ ලේකම් ලෙසද කටයුතු කරමින් සිටි අයෙකි.
ඔක්තෝම්බර් 2 සිට 10 දක්වා නෝර්වේහි ඔස්ලෝ හි පැවති ලෝක මල්ලව පොර ශූරතා තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 06 දෙනෙකු සමග මොහු පිටත්ව ගොස් තිබූ අතර තරගාවලියට පිරිස සහභාගී කරවා හිමින් සැරේ බඩුමුට්ටුද රැගෙන නවාතැන්ගෙන සිටි හෝටලයෙන් පළායාමට මෙම කළමනාකරු කටයුතු කර තිබේ.
ඔහු කිසිවෙකුට යන තැනක් දන්වා නැති අතර තරගාවලිය නිමවූ පසු ක්‍රීඩකයින්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ලිපි ලේඛණ ප්‍රශ්න මතුවී ඇත. පීසීආර් පරීක්ෂණ සඳහා මුදල් ඔහු තබාගෙන තිබූ නිසා ඒවා නැතිව අකරතැබ්බයකට පත්ව ඇත.
එමෙන්ම වීසා සම්බන්ධ ගැටලුද මතුව ඇති අතර ක්‍රීඩකයින් දස අතේ පණිවිඩ යවා නෝර්වේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේද උදව් ලබාගෙන නැවත සියරට පැමිණ තිබේ.
කණ්ඩායම වෙනුවෙන් වැය කිරීමට ඔහුට ලබාදුන් රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක්ද ඔහු පළා යන විට රැගෙන ගොස් තිබේ.
සිය අසීරු ගැටලු නිරාකරණය පිණිස ලංකාවේ අයද උදව් කළ පසුව කළමනාකරු නොමැතිව ශ්‍රී ලංකා මල්ලව පොර කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියහ.
මීට ඉහත ඇතැම් අවස්ථාවලදීත් ලෝකයේ සමෘද්ධිමත් රටවලට ශ්‍රී ලංකා රජයේ මුදලින් සහභාගී වන ක්‍රීඩකයින් පළායාම වාර්තාවී තිබූ අතර කළමණාකරුවන් පලායාමේ සිද්ධි වාර්තාවන්නේ විරල වශයෙනි.














Miniyawa balapu gaman therenawa game karayek Bawa!!!! Ondata Kala, Beela, pawul kapu, ambakarapu, waddek. Ada rate Onda ekath horek wela. Rata kana desapalakayoge kriyakarakama nisai. Ayeth me rata ta pawul desapalanaya EPA, COMIS KARAYO EPA, HORA VIDMATHUN EPA, PENSION KARAYO EPA,
E WAGEMA ANDUWE HORA LEKAM KARAYO EPA, HORA WURTHIYE KARAYO EPA.