තරගාවලියකට නෝර්වේ ගිය රෙස්ලිං කළමණාකරු ටීම් එකේ සල්ලිත් අරන් පනී

ශ්‍රී ලංකා මල්ලව පොර කණ්ඩායම භාර කළමනාකරු තරගාවලියක් සඳහා නෝර්වේ බලා ගිය අතරතුර පැනගොස් ඇතැයි වාර්තාවේ.

මෙලෙස පැනගොස් ඇත්තේ කළමනාකරු ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ නමැත්තෙකි. මොහු ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ උප සභාපති මෙන්ම ගම්පහ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ ලේකම් ලෙසද කටයුතු කරමින් සිටි අයෙකි.

ඔක්තෝම්බර් 2 සිට 10 දක්වා නෝර්වේහි ඔස්ලෝ හි පැවති ලෝක මල්ලව පොර ශූරතා තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 06 දෙනෙකු සමග මොහු පිටත්ව ගොස් තිබූ අතර තරගාවලියට පිරිස සහභාගී කරවා හිමින් සැරේ බඩුමුට්ටුද රැගෙන නවාතැන්ගෙන සිටි හෝටලයෙන් පළායාමට මෙම කළමනාකරු කටයුතු කර තිබේ.

ඔහු කිසිවෙකුට යන තැනක් දන්වා නැති අතර තරගාවලිය නිමවූ පසු ක්‍රීඩකයින්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ලිපි ලේඛණ ප්‍රශ්න මතුවී ඇත. පීසීආර් පරීක්ෂණ සඳහා මුදල් ඔහු තබාගෙන තිබූ නිසා ඒවා නැතිව අකරතැබ්බයකට පත්ව ඇත.

එමෙන්ම වීසා සම්බන්ධ ගැටලුද මතුව ඇති අතර ක්‍රීඩකයින් දස අතේ පණිවිඩ යවා නෝර්වේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේද උදව් ලබාගෙන නැවත සියරට පැමිණ තිබේ.

කණ්ඩායම වෙනුවෙන් වැය කිරීමට ඔහුට ලබාදුන් රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක්ද ඔහු පළා යන විට රැගෙන ගොස් තිබේ.

සිය අසීරු ගැටලු නිරාකරණය පිණිස ලංකාවේ අයද උදව් කළ පසුව කළමනාකරු නොමැතිව ශ්‍රී ලංකා මල්ලව පොර කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියහ.

මීට ඉහත ඇතැම් අවස්ථාවලදීත් ලෝකයේ සමෘද්ධිමත් රටවලට ශ්‍රී ලංකා රජයේ මුදලින් සහභාගී වන ක්‍රීඩකයින් පළායාම වාර්තාවී තිබූ අතර කළමණාකරුවන් පලායාමේ සිද්ධි වාර්තාවන්නේ විරල වශයෙනි.

  1. Miniyawa balapu gaman therenawa game karayek Bawa!!!! Ondata Kala, Beela, pawul kapu, ambakarapu, waddek. Ada rate Onda ekath horek wela. Rata kana desapalakayoge kriyakarakama nisai. Ayeth me rata ta pawul desapalanaya EPA, COMIS KARAYO EPA, HORA VIDMATHUN EPA, PENSION KARAYO EPA,
    E WAGEMA ANDUWE HORA LEKAM KARAYO EPA, HORA WURTHIYE KARAYO EPA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14