Saturday, January 11, 2025
Empty Ad
AFC Banner
AFC Banner

තම ආරක්ෂාවට සිටි නිලධාරීන් පිටව යද්දී හිටපු ජනධිපති මහින්දගෙන් තුති (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා සිටි නිලධාරීන් කප්පාදු කිරීම සම්බන්ධව මේ වනවිට සමාජය තුළ කතා බහක් මතුව තිබෙනවා.

එවැනි තත්ත්වයක ආරක්ෂාව සඳහා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අද (13) එම රාජකාරී කටයුතු අවසන් කරමින් හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවසින් පිටත්ව ගියා.

එලෙස පිටත්ව ගිය ආරක්ෂක නිලධාරීන් සමඟ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටීමට අමතක කර තිබුණේ නැහැ.

එම සමූහ ඡායාරූපය සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කරමින් හිටපු ජනාධිපතිවරයා විශේෂ සටහනක් තබමින් ඔවුන් කළ සේවාවට ස්තූතිය පුදකරන්නට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
6
+1
95
+1
3
+1
24
+1
3
+1
13
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?