වැල්ලවාය, තණමල්විල මාර්ගයේ කිතුල්කොටේ ප්රදේශයේදී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පාකිස්තාන ජාතිකයෙක් තුවාල ලබා තණමල්විල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට යතුරුපැදිය ධාවනය කරමින් සිටි පාකිස්තාන ජාතිකයාට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඈති බව පොලිසිය පවසනවා.
අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා තණමල්විල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සදහා හම්බන්තොට රෝහල වෙත මාරුකර යවා තිබුණා.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ, 31 හැවිරිදි පාකිස්ථාන ජාතිකයෙක්.
අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුව වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානයේ නිළදාරින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.













