පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළු තැන්ගෙය පරිශ්‍රයේ සිදු වූ පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජාතික වකුගඩු රෝහලේ සේවය කළ රෝහල් සේවකයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
රෝහලේ මුළුතැන්ග පරිශ්‍රයේ අද (26) අලුයම 4.30ට පමණ සිදු වූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් හන්දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.













