තණමල්විල සිදු වූ අනතුරකින් විදේශිකයෙක්ට බරපතල තුවාල

වැල්ලවාය, තණමල්විල මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පාකිස්තාන ජාතිකයෙක් තුවාල ලබා තණමල්විල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට යතුරුපැදිය ධාවනය කරමින් සිටි පාකිස්තාන ජාතිකයාට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඈති බව පොලිසිය පවසනවා.

අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා තණමල්විල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහල වෙත මාරුකර යවා තිබුණා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ, 31 හැවිරිදි පාකිස්ථාන ජාතිකයෙක්.

අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානයේ නිළදාරින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36