ඩොලර් හිඟය නිසා පොලිස් අශ්වයන්ට දේශීය ආහාර

පොලිස් අශ්වයන්ට විදේශීය අහාර වර්ග වෙනුවට දේශීය ආහාර වර්ගවලට හුරු කරවීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය පවසයි.

පවතින ඩොලර් ගැටලුව හේතුවෙන් කොල්ලු, කඩල, බඩඉරිඟු වැනි දේශීය ආහාර වර්ග අශ්වයන්ට ලබාදීමට කළ පරීක්ෂණ සාර්ථකවී ඇති බවයි එම කොට්ඨාසයේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර අශ්වයන් සඳහා විදේශ රටවලින් ආහාර ගෙන්වීමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහා අශ්වයන් තවත් 12 දෙනකු විදේශයෙන් මිලදී ගැනීමට අනුමැතිය ද ලැබී තිබෙනවා.

පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ දැනට අශ්වයන් 36 දෙනෙකු පමණක් බැවින් රාජකාරි කටයුතු සඳහා එය ප්‍රමාණවත් නොවන බවයි නිලධාරීන් පෙන්වා දෙන්නේ.

පොලිසියේ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා අශ්වයකු රුපියල් ලක්ෂ හතළිහකට වැඩි වටිනාකමකින් යුක්තයි.

පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ අශ්වයන් කිහිප දෙනකු වයස්ගත වීම සහ අසනීප තත්වයේ පසුවන අතර වයස්ගත අශ්වයෙකු පසුගිය මාසයේදී මරණයට පත් වුණා.

විදේශ විනිමය හිඟය පසුකාලීනව ආර්ථික හා දේශපාලන අර්බුදයක් බවට පත් වීම හේතුවෙන් සැකසූ සත්ව ආහාර සහ ආහාර සඳහා අමුද්‍රව්‍ය ඇතුළු බොහෝ ආනයන තහනම් කර තිබෙනවා.

ආනයනික පොහොර තහනම හේතුවෙන් දේශීය ආහාර නිෂ්පාදනයට ද බලපෑම් එල්ල වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කෘෂිකාර්මික නිෂ්පාදන පහත වැටීම සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැයෙන් සමුගත් මාලනීට අවසන් ගෞරව දක්වන්න දැඩි ආරක්ෂාව මැද ආ පොලිස්පති
01:39
Video thumbnail
නාමල් ඇතුළට ගියත් කෑගහනවා එළියට ආවත් කෑගහනවා - තාත්තට දෙන්න බැරිවුණ අත්දැකීම් JVP එක දෙනවා
03:17
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට රිදෙන්නම දෙයි - යනවා ඕයි යන්න බොරු කියන්නේ නැතුව
02:08
Video thumbnail
මට හරි සතුටුයි - රටේ හෝටල් බාගයක් මගේනේ - නාමල් එළියට ඇවිත් කිව්ව දේ
04:04
Video thumbnail
FCID ආ නාමල් පැය 04කට පමණ පසු එළියට - දේශපාලන ප්‍රබලයොත් පැමිණෙයි
01:21
Video thumbnail
රාජිත සේනාරත්න පවුල එක්කම නන්දා මාලනීට සමුදෙන්න එයි - සුනිල් අතින් දෙන්නා කිව්ව අතීත කතාව
01:52
Video thumbnail
හැමෝම කලාකරුවෝ කිව්වට මාලනී වගේ ටිකයි ඉන්නේ කලාකරුවෝ - කලාකරුවෙකුගෙන් සංවේදී ප්‍රකාශයක්
02:03
Video thumbnail
දිවුලපිටියට කරදරයක් වූ කුණු කන්ද ඉවත් කර පිරිසිදු කරයි - සභාපතිට ජනතාවගේ ප්‍රසාදය
02:24
Video thumbnail
නන්දා මාලනී ගැන දයාසිරි අතීතය මතක් කරමින් කියූ දේ - ඇයගේ ගීතවලින් අපි පණ ලැබුවේ
02:19
Video thumbnail
සනත් ජයසූරිය මාලනී ගැන කිව්ව දුක්බර කතාව - මට කියන්න වචනත් නෑ - ලොකු පාඩුවක්
01:21