පෙරහැරට අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කෙරේ

හීලෑ අලි ඇතුන් නියාමනය සහ සංස්කෘතික කටයුතු සදහා ලබාදීම සම්බන්ධව ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ලද කැබිනට් අනුමැතිය පරිදි ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් කළමනාකරණය කිරීමේ දී නිසි පාලනය, වගවීම, විනිවිද භාවය සහ ජාතික හා ජාත්‍යන්තර බැඳීම් වලට අනුකූලතාවය සහතික කිරීම සඳහා ශක්තිමත් හා යාවත්කාලීන නෛතික රාමුවක් පවත්වා ගෙන යාමේ කටයුතු පරිසර අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබෙනවා.

හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීම ඇතුළු හීලෑ අලි ඇතුන් කළමනාකරණය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන නෛතික හා පරිපාලන විධිවිධාන, සංරක්ෂණ අවශ්‍යතා හා නෛතික රාමුවල සිදුව ඇති වෙනස්කම්, නීති බලාත්මක කිරීමේදී පවතින අභියෝග, සංස්කෘතික හා ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් යොදා ගැනීම සම්බන්ධයෙන් පවතින අවශ්‍යතා මෙන්ම සත්ව සුභසාධනයට අදාළ කරුණු ද ඇතුළුව සමස්ත ක්ෂේත්‍රය නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව පරිදි මෙම කටයුතු සිදු කරනවා.

මෙම කරුණු පුළුල්ව අධ්‍යයනය කර අදාළ පාර්ශවයන්ගේ අදහස් ලබා ගෙන, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කෙටුම්පත් කර ඇති, ”2026 ඇතුන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සඳහා බලපත්‍ර දීම ” සම්බන්ධ රෙගුලාසි නැවත සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත්, හීලෑ අලි ඇතුන් සංස්කෘතික හා ආගමික කටයුතු සඳහා යොදා ගැනීම, එම කටයුතු සඳහා ලබාදීමේ ක්‍රමවේදය සහ අලි ඇතුන්ගේ සුභසාධනය සම්බන්ධ කරුණු පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහාත් පරිසර අමාත්‍යාංශ ලේකම්තුමා විසින් පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති, නීති ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු) එච්. එම්. බී. පී. හේරත්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ කැඳවුම්කරු/ ලේකම් වශයෙන් පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ඩී. පී. සී. උදය කුමාර කටයුතු කරනු ලබනවා.

මෙම කමිටුව විසින් ඉදිරියේ දී පෙරහැරට අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඊට අදාළ නිර්දේශ ලබා දීම සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී ගැන දයාසිරි අතීතය මතක් කරමින් කියූ දේ - ඇයගේ ගීතවලින් අපි පණ ලැබුවේ
02:19
Video thumbnail
සනත් ජයසූරිය මාලනී ගැන කිව්ව දුක්බර කතාව - මට කියන්න වචනත් නෑ - ලොකු පාඩුවක්
01:21
Video thumbnail
“ඇය තමයි අපේ ජාතියේ හඬ පෞරුෂය”
01:22
Video thumbnail
නන්දාමාලනියගෙන් උදාගම්මානයක් හදන්න ගිය සජිත්ට එතුමිය දීපු පිළිතුර අද සජිත් කියයි...
00:39
Video thumbnail
මාලනියට සුනිල් ආරියරත්නයන් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම - ඒ හිතේ කොච්චර දුකක් ඇත්ද ?
00:27
Video thumbnail
සජිත් නන්දා මාලනී ගැන කළ සංවේදි ප්‍රකාශය - මට ආශාවක් තිබ්බා උදා ගම්මානයක් හදන්න
09:35
Video thumbnail
දැයෙන් සමුගත් නන්දා මාලනීයට සමුදෙන්න සජිත් එයි - දේහය ළඟ සජිත් සංවේදී වුණ හැටි
01:16
Video thumbnail
නාමල් වෙනුවෙන් FCIDයට ආ ජොන්ස්ටන් සැරටම කිව්ව දේ - "සෙනඟ දැක්ක ගමන් බයවෙලා ගෙන්වනවා"
02:58
Video thumbnail
බලන්න ඒ මතකයන් කොච්චරනම් සුන්දර ඇතිද..
00:33
Video thumbnail
ටිල්වින් සංවේදී වී කළ ප්‍රකාශය - මාලනී ප්‍රාර්ථනා කරපු ලෝකය දැන් හැදෙනවා
02:06