මෝර මත්ස්‍ය කර්මාන්තය විධිමත් ලෙස කළමනාකරණයට නව වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ මෝර මත්ස්‍ය කර්මාන්තය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විධිමත්ව පවත්වාගෙන යාම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී පැවැත්විණි. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාසගේ ප්‍රධානත්වයෙන් සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්තගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.

මෙහිදී අදහස් දැක්වූ නිලධාරීන් පෙන්වා දුන්නේ ලංකාවේ බහුදින ධීවර යාත්‍රාවලින් ‘අතුරු අස්වැන්නක්’ (By-catch) ලෙස මෝර මසුන් අල්ලා ගැනීම සිදු කෙරෙන අතර, එම මසුන්ගේ වරල්, කරමල්, හකු සහ හම් (Shark fish, Shark gill, Shark jaws, Shark skin) මෙන්ම සජීවී විසිතුරු මෝර මත්ස්‍ය විශේෂ අපනයනය කිරීම මගින් වාර්ෂිකව සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට හිමිවන බවයි.

කෙසේ වෙතත්, මෝර මසුන් ලෝකයේ වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්‍ය විශේෂයක් ලෙස සැලකෙන බැවින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම කර්මාන්තය කළමනාකරණය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.

මේ වන විටත් මෙරට තුළ ඇල්ලීම තහනම් කර ඇති මෝර විශේෂ ආරක්ෂා කිරීමටත්, නීත්‍යානුකූලව අවසර ඇති මෝර විශේෂ පමණක් අපනයනය කිරීමටත් රජය දැඩිව පියවර ගෙන තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී එළඹුණු ප්‍රධාන තීරණ කිහිපයක් පහත දැක්වේ:

  • දත්ත පද්ධතියක් සහ සොයායාමේ හැකියාව (Traceability): බහුදින ධීවර යාත්‍රාවලට හසුවන සෑම මෝර මත්ස්‍යයෙකුම අල්ලාගත් ස්ථානයේ සිට අවසාන පාරිභෝගිකයා දක්වා ගමන් කරන මාර්ගය නිවැරදිව හඳුනාගත හැකි වන පරිදි විධිමත් දත්ත එකතු කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.
  • අපනයන සීමාවන් පවත්වා ගැනීම: දැනට අපනයනය කරනු ලබන මත්ස්‍ය කොටස් සහ විශේෂයෙන්ම සජීවී විසිතුරු මෝර මසුන් ප්‍රමාණය මීට වඩා වැඩි නොකර, දැනට පවතින ප්‍රමාණයටම සීමා කර පවත්වා ගැනීම.
  • විධිමත් කළමනාකරණ සැලැස්ම: ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් අපනයනකරුවන් සහ අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෝර මත්ස්‍ය කළමනාකරණ සැලැස්මක් මෙම වසර අවසන් වීමට පෙර සකස් කර ඉදිරිපත් කිරීම.
  • ධීවර අමාත්‍යාංශය, ධීවර දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය එක්ව සකස් කරන මෙම නව කළමනාකරණ සැකස්ම මගින් මෙරට මෝර මත්ස්‍ය කර්මාන්තය වඩාත් විනිවිදභාවයකින් යුතුව සහ ජාත්‍යන්තර නීති රීතිවලට ගරු කරන කර්මාන්තයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂිතයි.

මෙම අවස්ථාවට නාරා ආයතනයේ නිලධාරීන් සහ මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිත සේනාරත්න පවුල එක්කම නන්දා මාලනීට සමුදෙන්න එයි - සුනිල් අතින් දෙන්නා කිව්ව අතීත කතාව
01:52
Video thumbnail
හැමෝම කලාකරුවෝ කිව්වට මාලනී වගේ ටිකයි ඉන්නේ කලාකරුවෝ - කලාකරුවෙකුගෙන් සංවේදී ප්‍රකාශයක්
02:03
Video thumbnail
දිවුලපිටියට කරදරයක් වූ කුණු කන්ද ඉවත් කර පිරිසිදු කරයි - සභාපතිට ජනතාවගේ ප්‍රසාදය
02:24
Video thumbnail
නන්දා මාලනී ගැන දයාසිරි අතීතය මතක් කරමින් කියූ දේ - ඇයගේ ගීතවලින් අපි පණ ලැබුවේ
02:19
Video thumbnail
සනත් ජයසූරිය මාලනී ගැන කිව්ව දුක්බර කතාව - මට කියන්න වචනත් නෑ - ලොකු පාඩුවක්
01:21
Video thumbnail
“ඇය තමයි අපේ ජාතියේ හඬ පෞරුෂය”
01:22
Video thumbnail
නන්දාමාලනියගෙන් උදාගම්මානයක් හදන්න ගිය සජිත්ට එතුමිය දීපු පිළිතුර අද සජිත් කියයි...
00:39
Video thumbnail
මාලනියට සුනිල් ආරියරත්නයන් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම - ඒ හිතේ කොච්චර දුකක් ඇත්ද ?
00:27
Video thumbnail
සජිත් නන්දා මාලනී ගැන කළ සංවේදි ප්‍රකාශය - මට ආශාවක් තිබ්බා උදා ගම්මානයක් හදන්න
09:35
Video thumbnail
දැයෙන් සමුගත් නන්දා මාලනීයට සමුදෙන්න සජිත් එයි - දේහය ළඟ සජිත් සංවේදී වුණ හැටි
01:16