spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩේවිඩ් වෝනර්ගේ බෑගී ග්‍රීන් කැප් තොප්පිය සොරාගනී

ඕස්ට්‍රේලියානු ආරම්භ පිතිකරු ඩේවිඩ් වෝනර් සහභාගීවන අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය හෙට (03) සිඩ්නි හිදී ආරම්භ වනවා.

මේ අතර ඩේවිඩ් වෝනර්ගේ ටෙස්ට් කැප් තොප්පිය කිසියම් අයෙකු විසින් සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක්ට ජගත් ටෙස්ට් වරම් හිමිවීමත් සමඟ ලබාදෙන ටෙස්ට් කැප් තොප්පිය හෙවත් බෑගී ග්‍රීන් කැප් තොප්පිය මෙලෙස සොරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෝනර් පවසන්නේ පාකිස්ථානය සමඟ මෙර්ල්බන් හිදී පැවති ටෙස්ට් තරගයෙන් පසු සිඩ්නි දක්වා ගුවනින් ගමන් කරන අතර වාරයේ සිය බෑගයේ තිබූ ටෙස්ට් කැප් තොප්පිය මෙලෙස සොරාගෙන ඇති බවයි.

සිය සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් පළකරමින් වෝනර් පවසන්නේ තමන් සහභාගීවන අවසන් ටෙස්ට් තරගයට පෙර තමන් වෙත එය යළි ලබාදෙන ලෙසයි.

මේ අතර ඩේවිඩ් වෝනර් මුහුණ පෑ මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් පාකිස්ථාන ටෙස්ට් නායක ෂාන් මැසූඩ් කණගාටුව පළකර ඇති අතර, එම කැප් තොප්පිය සොයාගැනීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය ද මැදිහත් විය යුතු බවයි ඔහු පවසා සිටියේ.

2011 වසරේ අප්‍රේල් මස පළමු වනදා බ්‍රිස්බේන් හිදී ඩේවිඩ් වෝනර්ට බෑගී ග්‍රීන් කැප් තොප්පිය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
3
+1
10
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?