spot_imgspot_img

ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළී බණ්ඩාරවෙල දී අනතුරක්

බණ්ඩාරවෙල – වැලිමඩ ප්‍රධාන මාර්ගයේ උඩආරාව ප්‍රදේශයේ දී වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද (10) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් ටිපර් රථයේ රියදුරු සහ තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ටිපර් රථය වැලිමඩ දෙස සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කරමින් තිබිය දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට ද පැය කිහිපයක් බාධා එල්ල වී තිබූ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?