ට්‍රම්ප්ට නිදන්ගත නහර රෝගයක් – ධවල මන්දිරයෙන් විශේෂ ප්‍රකාශයක්

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවේ රෝග නිර්ණය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට පරීක්ෂණයක් ද සිදුකළ බවයි.

ජනාධිපතිවරයාගේ අතේ තැලීම් සහ කකුල් ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය සිදුකර ඇති අතර, එහිදී ඔහු නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බවට අනාවරණය කරගෙන තිබෙනවා.

ඊයේ (17) මධ්‍යවේදීන් අමතමින් ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් මෙම රෝගය “නිරපේක්ෂ සහ පොදු තත්වයක්” ලෙස හැඳින්වූවා.

මේ අතර ට්‍රම්ප්ගේ වෛද්‍යවරයාගේ ලිපියක් කියවමින්, ලෙවිට් තවදුරටත් පැවසුවේ මෙම තත්වය “වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් තුළ” සුලබව ඇතිවන තත්ත්වයක් බවයි.

මේ වනවිට 79 හැවිරිදි වියේ පසුවන ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් එක්සත් ජනපද ඉතිහාසයේ වයස්ගතම පුද්ගලයා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48