ජාවාරම්වලට මුදල් ආයෝජනය කළ සහ උපකාර කළ පිරිස් දැඩි ලෙස කැළඹිලා – පොලිස්පති

ජාවාරම් සඳහා මුදල් ආයෝජනය කළ සහ ආධාර උපකාර කළ පිරිස් මේ වන විට දැඩි ලෙස කැළඹීමට පත්ව සිටින බවට නිරීක්ෂණය වී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

මහනුවර දී අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ අතර මෙරටින් පළාගොස් විදේශ ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරින් ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇති 73 දෙනෙකු ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම තවත් සියයකට ආසන්න පිරිසක් සිටින බවට විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

මේ අතර මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය මැඩලීම සහ අපරාධ මර්ධනය පිළිබඳව ජාත්‍යන්තරයේ විශේෂ ඇගයීමට ලක්ව ඇති බවත් පොලිස්පතිවරයා සදහන් කළා.

මෙම මෙහෙයුම් සඳහා ජාත්‍යන්තරයේ ද උපරිම සහයෝගය ලබාදෙන බවට දැනුම් දී ඇති බවත් මෙහිදී පොලිස්පතිවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:28
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54
Video thumbnail
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට එයි - "දන්නේ නෑ ඉතින්..ගිහින් ඇවිත් කතා කරමු"
00:42
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ප්‍රශ්නය නිසා නලින්ද - දයාසිරි පැටලෙයි..සිංහලෙන් කිව්වනේ මම විරුද්ධ වුණා
05:40