Fly high Get bonus Aviator Phone

ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව බස්නාහිර පළාතට

ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව බස්නාහිර පළාතට හිමිව තිබෙනවා.

පළාත් 9ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික පිරිසක් සහභාගී වූ මෙම තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් පෙරේදා (24) සිට පැවැත්වුණේ සුගතදාස ක්‍රීඩාංගනයේදී යි.

තරගාවලියේ සමස්ත ශූරතාව බස්නාහිර පළාත දිනාගත්තේ රන්පදක්කම් 115ක්, රිදී පදක්කම් 78ක් සහ ලෝකඩ පදක්කම් 89ක් සමගින්.

දෙවන ස්ථානයට පත් වූ මධ්‍යම පළාත දිනාගත් රන් පදක්කම් ගණන 39ක්. 3 වන ස්ථානයට පත් වූ දකුණු පළාත රන් පදක්කම් 30ක් දිනාගත්තා.

මලල ක්‍රිඩා ඉසව්වල වැඩි ගෞරව දිනාගැනීමට බස්නාහිර පළාත සමත්වුණා. ඒ රන් පදක්කම් 14ක් දිනාගනිමින්. දකුණු පළාත මලල ක්‍රීඩා ඉසව්වලදී රන් පදක්කම් 11ක් දිනාගනු ලැබුවා. මළල ක්‍රීඩා අංශයේ දක්ෂතම ක්‍රීඩකයා වුයේ මධ්‍යම පළාත නියෝජනය කළ මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්වට සහභාගී වූ කේ. එම්. ඩී. දර්ශනයි. දක්ෂතම මලල ක්‍රීඩා ක්‍රීඩිකාව වූයේ මීටර් 400 ඉසව්ව තත්ත්පර 52.80කින් නිම කළ දකුණු පලාතේ නදීශා රාමනායකයි.

තරගාවලියේ සමාප්ති උළෙල අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචර් අම්මාගෙ කෙරුම්කාරම්වකට ලක් වූ තරුණයාට ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග
01:48
Video thumbnail
සියලුම ජනමාධ්‍යවේදීන්ට ආසිරි පතා කිරිවෙහෙර හීදී පැවැත්වූ විශේෂ පූජාව
01:11
Video thumbnail
හල්ලොලුවට වෙ# තැබීම කුමන්ත්‍රණයක් ? - අජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
32:55
Video thumbnail
හර්ෂණ ලෙසටම ආණ්ඩුවට දෙසයි
08:07
Video thumbnail
ජාතික රණවිරු සැමරුමට එන්නෑ කියූ ජනපති, එන්න තීරණය කරයි
02:29
Video thumbnail
කොටහේන වෙ#ඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මාට්ටු
01:21
Video thumbnail
සෙල්ලම් බඩු ආනයනය රටට අත්‍යාවශ්‍ය නෑ
05:31
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?