ජාතික කණ්ඩායම එකට තබා ඩොලර් මිලියන විස්සකට පයින් ගැසූ ට්‍රැවිස් හෙඩ් සහ පැට් කමින්ස්

වේගයෙන් වෙනස් වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළ ලොව පුරා ෆ්‍රැන්චයිස් ලීග පිටුපස වාණිජමය බර වැඩි වී තිබෙනවා.

එවන් පසුබිමක අදාළ ෆ්‍රැන්චයි කණ්ඩායම් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් තරු තම කණ්ඩායම සමඟින් පූර්ණ කාලීනව එක්කර ගැනීමට මේ වනවිය නැඹුරු වී ඇති ආකාරයක් දැකගත හැකියි.

එය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් මතු කරන කාරණාවක් බවට මේ වනවිට පත්ව ඇත්තේ එම ක්‍රීඩකයින් සිය ජාතික කණ්ඩායම අතහැර පූර්ණ කාලීනව අදාළ ෆ්‍රැන්චයිස් කණ්ඩායම වෙනුවෙන් පමණක් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පෙළඹීම හේතුවෙන්.

එවන් තත්ත්වයක සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පතේ මෑත කාලීන වාර්තාවකින් හෙළි වූයේ ඕස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ට්‍රැවිස් හෙඩ් සහ නායක පැට් කමින්ස් හට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් සඳහා කැපවීමට දැවැන්ත දීමනාවක් සමඟ අවස්ථාවක් ලබා දී ඇති බවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් විසින් ඔවුන් දෙදෙනාට මෙම දැවැන්ත කොන්ත්‍රාතුව සඳහා ඇරයුම් කර ඇති අතර, ඒ වෙනුවෙන් එක් ක්‍රීඩකයෙකුට ගෙවීමට සූදානම් වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10ක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජාතික කණ්ඩායමේ රාජකාරිය අංක එක යන තීරණයේ සිටින මෙම ක්‍රීඩකයින් දෙදෙනා එම ඇරයුම ප්‍රතික්ෂේප කර ඉදිරියටත් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සම්පූර්ණයෙන්ම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරන ලෙසට අයි.පී.එල් කණ්ඩායමකින් ලැබුණු මෙම මූල්‍යමය ඉහළ වටිනාකමක් ඇති මෙම ඇරයුම ප්‍රතික්ෂේප කළ ට්‍රැවිස් හෙඩ් සහ නායක පැට් කමින්ස් ජාතික වගකීම අංක එකේ තබාගැනීම පිළිබඳව බොහෝ ප්‍රශංසා ඔවුන්ට හිමිවන බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් අයි පී එල් ෆ්‍රැන්චයිස් කණ්ඩායම් සතුව ඇමරිකා එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් මෙන්ම ඩුබායිවලද ෆ්‍රැන්චයිස් කණ්ඩායම් පවතිනවා.

මේ අතර මෑත කාලයේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වෙනුවෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් ඉහළ පෙළේ ක්‍රීඩකයන් ලෙස දකුණු අප්‍රිකාවේ හෙන්රිච් ක්ලාසන් සහ ක්වින්ටන් ඩි කොක්, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි නිලකස් පූරාන් වැනි ක්‍රීඩකයින් හැඳින්විය හැකියි.

පැට් කමින්ස් සහ හෙඩ් යන දෙදෙනාටම මේ වනවිටත් සන්රයිසස් හයිද්‍රාබාද් සමඟ අයි.පී.එල් කොන්ත්‍රාත්තු අත්සන් කර ඇති අතර, එම කොන්ත්‍රාත්තුවල වටිනාකම පිළිවෙලින් රුපියල් කෝටි 18ක් සහ රුපියල් කෝටි 14ක් වනවා.

ඊට අමතරව ඉහළම වාර්ෂික කොන්ත්‍රාත්තු හිමි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්වන ඔවුන් ජාතික කණ්ඩායම නියෝජනය වෙනුවෙන් වාර්ෂික ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.5ක් උපයනවා.

  1. ඒකට අපේ පූජිත ඩබල ‘මහේල-සංගා’ 2011 IPL ගහල තමයි එංගලන්තයට ගියේ ලංකා කණ්ඩායම නියෝජනයට.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51