ජනප්‍රිය ඉන්දීය ගායක පවන්දීප් රිය අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහලේ

ඉන්දීය ගායන රියලිටි තාරකාවක්වන පවන්දීප් රාජන්; රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් හි අම්රෝහා හි ජාතික අධිවේගී මාර්ගයේ සිදු වූ මෝටර් රථ අනතුරකින් ඔහු මෙලෙස තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පවන්දීප් සහ තවත් දෙදෙනෙකු උත්තර්කන්ඩ් හි චම්පවත් සිට දිල්ලි දක්වා වැඩසටහනක් සඳහා ගමන් කරමින් සිටියදී ඔවුන් ගමන් ගත මෝටර් රථය අද අලුයම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ ඔවුන් ගමන් ගත් මෝටර් රථය මාර්ගයේ නවතා තිබූ කැන්ටරයක ගැටී ඇති බවයි.

මෙම අනතුරින් පවන්දීප් සමඟ මෝටර් රථයේ සිටි අනෙක් දෙදෙනා ද බරපතළ තුවාල ලබා ඇති බව තොරතුරු වාර්තා වන්නේ.

අනතුරින් පවන්දීප්ගේ කකුල් දෙකෙහිම අස්ථි බිඳීම් සිදුව ඇති අතර, ඔහුගේ හිසට ද තුවාල සිදුව තිබෙනවා.

ඔහුව නොයිඩා හි ෆෝටිස් රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු විකලාංග වෛද්‍ය කණ්ඩායමේ නිරීෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් ෆෝටිස් රෝහල සඳහන් කළේ, “පවන්දීප් රාජන් නොයිඩා හි ෆෝටිස් රෝහලට ඇතුළත් කර ඇති අතර, මාර්ග අනතුරකින් අත් පා කිහිපයක් කැඩී යාමෙන් පසු විකලාංග වෛද්‍ය කණ්ඩායමේ රැකවරණය යටතේ ප්‍රතිකාර ලබනවා. ඔහු දැනට ස්ථාවර සහ සිහිසුන්ව සිටී. ඔහුගේ ප්‍රතිකාර සැලැස්මේ කොටසක් ලෙස, ඔහු අනුක්‍රමික සැත්කම් මාලාවකට භාජනය වනු ඇත. අපගේ සායනික කණ්ඩායම ඔහුගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය සියලු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටී.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40