ජනපති, මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

ජනාධිපතිවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනුණා.

මෙහිදී ජනාධිපතිවරයා සහ මහ නාහිමිවරුන් සමඟ සුහද කතාබහක ද නිරත වී තිබෙනවා.

Asgiriya 2
Asgiriya 3
Asgiriya 4
Asgiriya 5