ජනපති, අමරපුර මහා නිකායේ මහ නා හිමියන් බැහැදකී (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

අමරපුර මහා නිකායේ ලේකම් මණ්ඩලයේ නායක ස්වාමීන් වහන්සේලා ද එම අවස්ථාවට වැඩම කර සිටී අතර, මෙහිදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද එක්කර සිටියා.

අනතුරුව ජනාධිපතිවරයා, මහා නායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟ වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකට ද එක් වුණා.

එහිදී අමරපුර මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගා ගත යුතු බවයි.

එවිට ලෝකයේ ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට නැඟී සිටිය හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙම අවස්ථාව දේශපාලනික වශයෙන් සංක්‍රාන්ති සමයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කළ යුතු බොහෝ කාර්යයන් මැතිවරණයේ දී හිමිවන පූර්ණ පාර්ලිමේන්තු බලය සමඟ මීට වඩා වේගවත්ව ක්‍රියාවට නැංවීම තම අරමුණ බව ද පැවසුවා.

මෙවර පශ්චාත් මැතිවරණ සමයේ දී කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවකට හෝ කලබලකාරිත්වයකට ඉඩ නොදෙමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම රටට ලබාදුන් ආදර්ශය ද මෙහිදී මහා සංඝරන්යේ ඇඟයීමට ලක් කෙරුණා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයාට විරුද්ධව ආගම මුල් කර ගනිමින් අවලාද ව්‍යාපාරයක් ක්‍රියාවට නැංවීමට ඇතැම් කණ්ඩායම් සංවිධානාත්මකව ක්‍රියා කළ බව පෙන්වා දුන් මහා සංඝරත්නය එම ප්‍රකාශ සාවද්‍ය බව මේ වන විටත් තහවුරු වී තිබෙන බව පැවසුවා.

නමුත් මෙවන් අවලාද ව්‍යාපාර ඉදිරියේ දී ද ඇතිවීමට ඉඩ ඇති බව පෙන්වා දුන් මහා සංඝරත්නය ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව ජනතාව පෙන්වා දී ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක අපහාස සහ අවලාද වලින් තම කණ්ඩායම පිළිබඳ මවා තිබූ චිත්‍රය සහ බිය මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව ප්‍රතික්ෂේප කළ බවත්, ඒවා සියල්ල ප්‍රවාද බව මේ වන විට තහවුරු වී තිබෙන බවත් සඳහන් කළා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව ද මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමන් අපේක්ෂා කරන බවයි.

දීර්ඝ සාකච්ඡාවකින් සේම ජනමත විචාරණයකින් පසුව පමණක් එය සිදුකිරීම තම අපේක්ෂාව බවත්, පසුගිය රජයන් විසින් ඔවුන්ට අවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කළා මිස ජනතාවගේ එකඟතාව අනුව එය සිදු නොකළ බවත් පෙන්වා දුන්නා.

කෙසේ නමුත් රට යම් මට්ටමකට ස්ථාවර කර ජනතාව විසින් අපේක්ෂා කරන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17