ජනතාව වෙනුවෙන් ගන්නා කිසිදු තීන්දුවක් ආපසු හරවන්නේ නැහැ – ජනපති

ලබන වසරේ ජනවාරි මාසයේදී රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබා දෙන බවත් නිවසේ සිට රාජ්‍ය සේවයට අදාල සියලුම වැදගත් ගණුදෙනු මාර්ගගත ක්‍රමය ඔස්සේ කරන්නට ක්‍රමවේදයක් සලසන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ අද (26) 42 වැනි මිලාද් උන් නබි රාජ්‍ය මහෝත්සවයට සහභාගි වෙමින්.

ඊයේ එම රාජ්‍ය මහෝත්සවය මීගමුව පෙරියම්මුල්ල අල් හිලාල් ජාතික පාසලේදී පැවැත්වුණා.

ජනතාව වෙනුවෙන් ගන්නා කිසිදු තීන්දුවක් ආපසු හරවන්නේ නොමැති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා

”මෙතනට අද දින සහභාගි වෙලා ඉන්න ඉස්ලාම් ජනතාව අද නබි තුමාගේ ජන්ම දිනය සමරනවා. සියලුම ආගමික චරිත මානව හිතවාදි සමාජයක් බිහිකරන්නට දායක වෙලා තියනවා. නමුත් ගොඩක් අය ජීවත් වෙන්නේ එම ධර්මයට පටහැනිව. සාමය කරුණාව ⁣මනුස්සකම වෙනුවට වෛරය පතුරවන්න තමයි දහම භාවිතා කරන්නේ. ජාතිවාදි ගැටුම් වලින්, බොහෝ අය ඝාතනය වෙලා මිය ගොස් තියනවා. යලි කිසිදා ජාතිවාදි ගැටුමක් ඇති වෙන්නට ඉඩ නොදෙන බව මං සහතික වෙනවා. බොහෝ අය ජාතිවාදි ගැටුම්වල වින්දිතයන්. ආණ්ඩුව විදියටත් දේශපාලන පක්ෂයක් විදියටත් ඒවාට ඉඩ නෙදෙන බව මං ප්‍රකාශ කරනවා. දියුණු රාජ්‍යක් ගොඩනගන්න අපේ රටේ සම්පත් හොඳටම ඇති. ඊට දමා ගත යුතු ශක්තිමත් අත්තිවාරම් තියනවා. මුලින්ම කරන්න ඕන සියලු ජාතින් සමානාත්මතාවය ඇතිව පිහිටුවා ජාතිවාදය ප්‍රතික්ෂේප කර ජාතික සමඟිය ඇති කිරිමයි. ජාතික සමගිය තමයි පලවෙනි කුලුන. නීතිය ඉදිරියේ හැමෝම සමාන බව නබි තුමා ප්‍රකාශ කලා. අපේ රටේ මතයක් තිබුනා නීතිය පහල අයට එක විදියක් ඉහල අයට තව විදියක් කියලා. නමුත් අපි මේ රටට පසක් කරලා තියනවා නීතිය ඉදිරියේ හැමෝම සමාන බව. නීතිය ඉදිරියේ හැමෝම සමානයි කියන සහතිකය අපි මේ රටට දිලා තියනවා. මේ රට⁣ බිය ගන්වන රකුසෙක් ඉන්නවා. පොලිසිය ,රාජ්‍ය සේවය වගේම පාසාල් ලමයි ඒ රකුසා බිලිගන්නවා. වෙන කවුරුත් නෙවෙයි. මත්ද්‍රව්‍ය රකුසා. කිසිවෙක් ඉතුරු නොකර පැතිරෙනවා. එයින් උපයා ගන්නා අයුතු ධනය, පොලිසිය, ආර්.එම්,වී එක, ඉමිග්‍රේෂන් එක, වගේ වැදගත් ආයතන බිලිගන්නවා. මේ තත්ත්වය තව දශකයක් ක්‍රියාත්මක වුනොත් මුලු රාජ්‍ය යාන්ත්‍රනයම කඩා වැටේනවා. අපි එය මුලිනුපුටා දමනවා. පතාලය අවසන් කරන බවට මං ජනතාවට පොරොන්දු වෙනවා. මේ රටේ ජනතාවට අගතියක් වෙන තීරණයක් මං කවදාවත් ගන්නැ. නමුත් මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන කියලා කුඩා කණ්ඩායම් ජනතාව බය කරනවා. ඒකෙන් අගතියක් වෙන්නේ පතාලයට, මත්ද්‍රව්‍ය ජවාරම්කාරයන්ට. අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව , අල්ලස් ⁣කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව , රස පරික්ෂන දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය අපි ශක්තිමත් කරන්න ඕන. නඩු ඉක්මන් කරන්න ඕන. මේ හැමදේටම මට කවුරු නැතත් ජනතා බලය තියෙන බව මං විස්වාස කරනවා. ඒ වගේම ජනතාවටත් මං කියන්නේ මාව විස්වාස කරන්න. තීන්දුව ගන්න කලින් මං හොඳට හිතනවා, ජනතාවගේ පැත්තෙන් හිතන්නේ. ඒ ජනතා හිතවාදි තීන්දුව ආයේ කවදාවත් මොනම හේතුවක් නිසාවත් හරවන්නැ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08