ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ ගැන අධිකරණයෙන් නියෝගයක්

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තුන් කෝටියකට අධික වැට් බදු හා ආදායම් බදු එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ ගෙවා තිබේ ද යන්න පිළිබඳව සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට අද (10) නියෝග කළා.

තම සේවාදායකයින් එම මුදල් ඊයේ (09) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවා ඇති බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

පෙර නඩු වාරයේ දී අධිකරණය කළ දැනුම්දීමකට අනුව එම වගඋත්තරකාර අඹුසැමි යුවළ අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ට නැවත මෙම මස 17 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ වන කුමාරි යසෝදා සිල්වා යන අඹුසැමි යුවළට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි එසේ නියම කෙරුණේ.

ඉහත සඳහන් කළ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන වග උත්තරකාර අඹුසැමි යුවල එම ආයතනය වෙනුවෙන් 2016,2017,2018 වර්ෂ තුන සඳහා හිඟ බදු මුදල් වශයෙන් රුපියල් 31,846,248.24 ක් හා හිඟ ආදායම් බදු මුදල් වශයෙන් රුපියල් 1,851,658.37 ක මුදලක් රජයට ගෙවිය යුතුව ඇති නමුත් ඔවුන් එම මුදල් ගෙවීම පැහැර හැර ඇති බව ද නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙර නඩු වාරයේ දී අධිකරණයට දැනුම්දී තිබෙනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර අඹු – සැමි යුවළ වෙනුවෙන් සම්පත් ජයවර්ධන හා රුක්ෂාන් යන නීතිඥවරු පෙනී සිටියා.

  1. කිරුලපන CIL ටවර් කියලා කලින් තිබ්බේ අන්තිමේ කරන්ට් එකත් හොරෙන් අරන් අහුවුණා ඕකා ඒ කලේ ඉදලම හොරා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02