චීනයේ සුභසාධන පද්ධතිය දැඩි අර්බුදයක

චීනය තුළ නිදහස් සහ තාවකාලික රැකියා හෙවත් Gig Economy ක්ෂේත්‍රයේ සිදුවන සීඝ්‍ර වර්ධනය මඟින් එරට සාම්ප්‍රදායික රැකියා වෙළඳපොළ තුළ පවතින සැබෑ කඩාවැටීම වසන් කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, මෙම තත්ත්වය එරට රාජ්‍ය සුභසාධන පද්ධතියට ඔරොත්තු නොදෙන තරමේ දැඩි පීඩනයක් එල්ල කරමින් ඇති බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

කොවිඩ් වසංගතයෙන් පසු චීන ආර්ථිකයේ සිදුවූ මන්දගාමී වර්ධනය සහ ප්‍රධාන පෙළේ තාක්ෂණික, අධ්‍යාපන මෙන්ම දේපළ වෙළඳාම් සමාගම්වල රැකියා කප්පාදුව හේතුවෙන් මිලියන සංඛ්‍යාත චීන තරුණ තරුණියන් සහ වෘත්තිකයන් රැකියා විරහිතභාවයට පත්වුණා.

මෙලෙස ස්ථිර රැකියා අහිමි වූ බහුතරයක් දෙනා මේ වන විට ආහාර බෙදාහැරීමේ සේවා, කුලී රථ සේවා සහ අන්තර්ජාලය හරහා භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමේ වැනි ස්වයං-රැකියා හෝ තාවකාලික රැකියා වෙත යොමුවෙමින් සිටිනවා.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නිල දත්ත මඟින් රැකියා නියුක්තිය ඉහළ මට්ටමක පවතින බව පෙන්වීමට චීන රජය මෙම ‘ගිග් ආර්ථික’ දත්ත උපයෝගී කරගන්නා නමුත්, එමඟින් ජනතාව මුහුණ දෙන සැබෑ ආර්ථික පීඩනය වසන් වන බවයි.

මෙම තාවකාලික රැකියාවල නිරත වන්නන් සඳහා ස්ථාවර මාසික වැටුපක්, නිසි සේවා කාලයක් හෝ වෛද්‍ය සහ අනතුරු රක්ෂණ වැනි මූලික සේවක අයිතිවාසිකම් හිමිවන්නේ නැහැ.

මෙම තත්ත්වය චීනයේ විශ්‍රාම වැටුප් සහ සෞඛ්‍ය සුභසාධන පද්ධතිය වෙත දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

සාම්ප්‍රදායිකව සේවා යෝජකයන් සහ සේවකයන් එක්ව රජයේ සුභසාධන අරමුදල් වෙත සිදුකරන දායකත්වය, මෙලෙස ස්ථිර රැකියා අහිමි වී තාවකාලික රැකියාවල නිරත වන්නන් ඉහළ යාමත් සමඟ සීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අරමුදල් හිඟවීම හේතුවෙන් ඉදිරි දශක කිහිපය තුළ චීනයේ වයස්ගත වන ජනගහනය වෙනුවෙන් සුභසාධන කටයුතු පවත්වාගෙන යාම බීජිං පාලනයට විශාල අභියෝගයක් වනු ඇති බවට ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54
Video thumbnail
ජනපති නීතිඥ දිලීප පීරිස්ට එරෙහිව පැමිණිල්ලක් - අපේ පදක්කම් කිලිටි කරගන්න බෑ අපිට
10:27
Video thumbnail
ඩෙංගුව වසංගතය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:44
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18