ඝාතනය කළ 10 හැවිරිදි දැරියකගේ සිරුරක් හමුවේ – සැකපිට අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී ඝාතනයට ලක් වූ 10 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ හෝ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි තලෙයිමන්නාරම පොලිසිය පවසන්නේ.

විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් පැවසුවේ අදාළ දැරිය ඝාතනය කිරීමට පෙර දූෂණය කර ඇති බවට සැකයක් පවතින බවයි.

දැරිය තම නිවස ආසන්නයේ වෙළඳසැළකට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් සිදුකළ සොයා බැලීමක දී ඇයගේ මළ සිරුර මෙලෙස සොයාගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව එය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මන්නාරම රෝහලට යොමු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 02 16 at 1.16.00 PM 1
WhatsApp Image 2024 02 16 at 1.16.00 PM

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය අද (16) පස්වරුවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

5 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40