UPDATE :ගෝල් මාර්වලස් කණ්ඩායමේ හිමිකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට

මුදලට තරග පාවාදීම සඳහා යෝජනා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාවලර්ස් (GALLE MARVELS) කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙකු ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (13) උදෑසන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ ස්ථාපිත ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකය වෙත රැගෙන ආවා.

පසුව පැය කිහිපයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව උදෑසන 10.30ට පමණ එම ස්ථානයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගියා.

ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට මුදලට තරග පාවාදීම සඳහා අදාළ සැකකාර පුද්ගලයා විසින් යෝජනා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව පෙරේදා (11) එම ඒකකයේ කණ්ඩායමක් පල්ලේකැලේ ප්‍රදේශයට ගොස් මහනුවර ප්‍රදේශයේ දී සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ලංකා පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත් වීමෙන් පැවැත්වෙන අතර එහි සමාරම්භය පෙරේදා (11) පස්වරුවේ මහනුවර පල්ලෙකැලේ දී සිදුවුණා.

මෙම තරගාවලියට දේශීය ක්‍රීඩකයින් මෙන් ම විදේශීය ක්‍රීඩකයින් ද එක් ව සිටින අතර කණ්ඩායම සයක් තරග වදිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04