ගුවන්තොටේ දමා ගිය මල්ලේ විද්‍යුත් සිගරට්

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ අතහැර දමා ගිය මල්ලක තිබී විද්‍යුත් සිගරට් තොගයක් හමු වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ; මෙම මල්ල පසුගිය දිනෙක මැලේසියාවේ සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකුගේ බවයි.

කෙසේවෙතත් මෙම විදේශිකයා අද (30) දිනයේ දී යළිත් සිය අස්ථානගත වූ මල්ල ගැනීමට ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහි දි මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ නිලධාරීන් විසින් අදාළ සැකකරු අත් අඩංගුවට ගනු ලැබුවා.

එම මල්ලේ තිබී විද්‍යුත් සිගරට් 245ක් සොයා ගත් බවයි වාර්තා වන්නේ.