AFC Banner
Empty Ad
Empty Ad

ගුරු සේවයේ ගැටළු ගැන අවධානය

ගුරු සේවයේ සිට ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා.

ගුරු උපදේශකවරුන් සඳහා දැනට ගෙවනු ලබන ගැලපුම් දීමනාව වැටුප් වර්ධකයක් ලෙස ගෙවීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමටයි යෝජනා වී ඇත්තේ.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වුණා.

ගුරු උපදේශක සේවයේ ගැටළු පිළිබඳව සාකච්ඡාවක් පසුගිය අගෝස්තු මස 11 වැනි දින ද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වූ අතර අදාළ ගැටළුව සම්බන්ධ සියළු පාර්ශ්වයන්ගේ සහභාගීත්‍වයෙන් එම කරුණු පිළිබඳව නැවත සාකච්ඡා කළ යුතු බවට එහිදී ගත් තීරණය අනුවයි මෙම රැස්වීම කැඳවා තිබුණේ.

ඒ අනුව, ගුරු සේවයේ සිට ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී මතුව ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර පිළිබඳ එහි ලේකම් එම්.එන්. රණසිංහ මහතා විසින් කාරක සභාව වෙත කරුණු ඉදිරිපත් කළා. අධ්‍යාපන අමාත්‍යවරයාද මේ පිළිබඳ සිය අවධානය යොමු කර ඇති බවත්, ඒ අනුව මේ පිළිබඳ අවස්ථා දෙකක දී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්‍වයෙන් සාකච්ඡාවන් පැවති බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

ගුරු උපදේශකවරුන් සඳහා දැනට ගෙවනු ලබන ගැලපුම් දීමනාව වැටුප් වර්ධයක් ලෙස ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් කාරක සභාවට දැනුම් දෙනු ලැබුවා.

තවද, ගුරු උපදේශක පොදු කාර්ය භාරය පිළිබඳ උපදෙස් සැකසීමට අවශ්‍ය පියවර මේවන විටත් ගෙන ඇති බවත් මෙහිදී කරුණු අනාවරණය වුණා. එසේම, ගුරු උපදේශකවරුන් කළාපීය තාක්‍ෂණික කමිටුවල සාමාජිකයෙකු ලෙස එම කමිටු රැස්වීම් සඳහා සහභාගී වීමේ අවස්ථාව ලබා දෙන ලෙස ගුරු උපදේශකවරුන් විසින් සිදු කරන ලද ඉල්ලීමට අමාත්‍යවරයා යහපත් ප්‍රතිචාරයක් දැක් වූ බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

ගුරු උපදේශකවරුන් සඳහා දැනට ගෙවනු ලබන ගැලපුම් දීමනාව වැටුප් වර්ධයක් ලෙස ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය කඩිනමින් ලබා ගැනීම පිණිස යෝජිත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් කාරක සභාවේ සභාපති විසින් පැමිණ සිටි නිලධාරීන්ට නිර්දේශ කරන ලද අතර, ඒ පිළිබඳව වාර්තාවක් මාසයක කාලයක් තුල කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසටයි වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සර්වජන බලයේ මීළඟ බලාපොරොත්තුව #dilithjayaweera
01:55
Video thumbnail
පොහොට්ටුව ඇතුළු තවත් පක්ෂ කිහිපයකට සර්වජන බලයෙන් ඇරයුම් - දිලිත් ජයවීරගේ Master plan එක එළියට
02:44
Video thumbnail
සජබය නුවර ජයගන්න විදිය තිස්ස ගනන් හදලම මාධ්‍යට කියයි #sajithpremadasa
02:13
Video thumbnail
ලංකාව පුරා අවතැන් අයට මන් උදව් කරනවා - ජන දුක හඳුනන දිලිත් ජයවීර #dilithjayaweera
00:52
Video thumbnail
දිලිත්ගෙන් - පුතාණෝට සැර ටොක්කක් #dilithjayaweera #sajithpremadasa
00:59
Video thumbnail
සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය තියන්න #sajithpremadasa
01:24
Video thumbnail
සජිත්ට විපක්ෂ නායකකමේ - අර්ථය කියල දුන්න දමිළ ඇමති - අපි අලුත් ආණ්ඩුවට උදව් කරනවා
01:49
Video thumbnail
අපි සූධානම් උතුරේ වගකීම බාර ගන්න - සජිත්ගේ දවල් හීන - තිස්ස එළිපිටම කියයි #sajithpremadasa
01:49
Video thumbnail
VAT බදු පැහැරහැරියාට අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට නියම වුණ සිර දඬුවම #arrested
01:31
Video thumbnail
අපි ජනාධිපතිගේ කකුල් දෙකෙන් අදින්න ඡන්දෙ ඉල්ලනවා නෙවෙයි#anurakumaradissanayake #sjb
01:52

?