ගුරුවරු 400 ක් පොසිටිව්, 25 ක් මැරිලා කියලා ? ජෝසප් ස්ටාර්ලින් ඇත්ත හෙලි කරයි

ගුරු – විදුහල්පති උද්ඝෝෂණයට සහභාගීවූ ගුරුවරුන් 400 ක් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවටත් ඉන් ගුරුවරුන් 25 ක් මියගිය ඇති බවටත් සිළුමිණ පුවත්පත පලකර ඇති පුවත සම්පූර්ණ අසත්‍යක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සිළුමිණ පුවත්පතට හෙළිකල බව පවසා සුභාෂිණී ජයරත්න නම් මාධ්‍යවේදිනියක් විසින් අදාළ පුවත අද (29) සිළුමිණ පුවත්පතට ලියා තිබෙනවා.

ජෝසප් ස්ටාර්ලින් මහතා පවසන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත ගුරු උද්ඝෝෂණය නවතා දමා දැනට සති දෙකකටත් වැඩි කාලයක් ඉක්ම ගොස් ඇති බවයි.

එවැනි තත්ත්වයක් මත ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිතියක කාන්තාවක් යොදවා එය මගින් ජාතික පුවත්පතක මුල්පිටුවේ පදනම් විරහිත පුවතක් පලකිරීම සම්පූර්ණයෙන් හෙළා දකින බවද ඔහු පවසනවා.

ගුරුවරුන්ගේ වැටුප් ගැටළුව පිළිබදව පත්කර ඇති අමාත්‍ය අනුකමිටුවේද සාමාජිකයෙන් වන ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා තමන් යටතේ ඇති ලේක්හවුස් ආයනයේ ප්‍රධාන පුවත්පතක පලවන මෙවැනි අසත්‍ය පුවත් සම්බන්ධයෙන් දක්වන්නේ කුමන මතයක්දැයි ගුරුවරුන් අවධානයෙන් සිටින බව ජෝසප් ස්ටාර්ලින් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

“ගුරු උද්ඝෝෂණයට එක්වූ ගුරුවරුන්ට කොරෝනා හැදිලා, මරණ 25යි, අසාදිතයන් 400” යන සිරස්තලය යටතේ සිළුමිණ ඉරිදා (29) පුවත්පතේ පලවූ මෙම පුවතේ මරණයට පත්වූ ගුරුවරුන් 25 දෙනාගේ නම් හෝ සඳහන්ව නොතිබීම විශේෂත්වයක්.

එමෙන්ම ජාතික පුවත්පතක මුල් පිටුවේ පලවන පුවතක සිරස්තල‍ෙ අක්ෂර දේෂ සහිතව පලවන විරල අවස්ථාවක්ද මෙම පුවත මඟින් සිදුකර තිබෙනවා.

ඒ අනුව ‘ආසාදිතයන්’ යන වචනය ‘අසාදිතයන්’ ලෙස පලකර තිබෙන අයුරු විද්යුත් මුද්‍රණයේත් සාමාන්‍ය මුද්‍රණයේත් දක්නට ලැබෙනවා.

සිළුමිණ පුවත්පතේ කතෘත්වය දරන්නේ ධර්මන් වික්‍රමරත්න මහතායි.

2owumo40
  1. ඒ මැරිච්ච ගුරු හොරු උද්ගෝෂන කරසට්ගුන්න ඇවිල්ල කොරොනා හදා ගත් උන් නම් ඒක සතුටු දායක ආරන්චියක් , මෙ යකා ඔය වෙස්සකට වත් ස්කෝලෙ ගිහින් නැති පාහර ජෝසප් ස්ටාලින් කියන එකත් මැරෙන්නම ඕනෙ එකෙක් ,

  2. mey Stalin kiyana gus-gonaage hombata dekak aninna kenek nadda lankawe ?? moo wage muspenthuwek gurek wuney kohomada? mey wage gurala nisa thamayi lankawa thawamath ‘thuweni loke’ jeewathwena modayo bawata pathwelaa theyenne !



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45