ගිහි ඇඳුමකින් සැරසුණු විහාරාධිපති හිමිගේ දේහය පන්සලට යන පාරේ

හතරලියැද්ද ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මාර්ගයක වැටී අබිරහස් ලෙසට අපවත් වී සිටියදී සොයාගෙන තිබෙනවා.

උන්වහන්සේගේ දේහය විහාරස්ථානයට පැමිණෙන නාගහමුලකන්ද මාර්ගයේ තිබී ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව අද පෙරවරුවේ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ස්වාමීන් වහන්සේ තුම්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ලෙසට කටයුතු කරමින් සිටි අයෙක්.

උන්වහන්සේගේ දේහය සොයා ගන්නා අවස්ථාවේ සිවුර තිබී නොමැති අතර සරමක් සහ ටී ෂර්ට් එකකින් සැරසී සිට ඇති අතර හිස්වැසුමක් ද පැළඳ සිටි බව සඳහන්.

මෙම හිමිනම රාත්‍රී කාලයේ කිසියම් අයෙකු හමුවීමට විහාරස්ථානයෙන් පිටතට ගොස් සිටියදී මෙලෙස මියගොස් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

එමෙන්ම මෙය ඝාතනයක් විය හැකි බවට සැක මතු කරමින් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

උන්වහන්සේ 67 වන වියෙහි පසුවන අතර දේහය ආසන්නයේ තිබී එළවළු බෑගයක් සහ අතේ තිබී ජංගම දුරකතනයක් සොයාගෙන තිබෙනවා.

හතරලියද්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
14
+1
49
+1
31
+1
28
+1
10
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56