ගිවිසුමේ ගැටළු විසඳන තුරු අමෙරිකවා සමඟ අපිට කතාවක් නැහැ – ඉරානය

අමෙරිකවා සමඟ සාකච්ඡා නොපැවැත්වෙන බවත්, සිදුවන්නේ අතරමැදියන් මාර්ගයෙන් පණිවිඩ හුවමාරු කර ගැනීම පමණක් බවත් ඉරානය පවසනවා.

ඉරානය සහ ඇමරිකාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් (MoU) ඇමරිකාව විසින් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරන ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, එම ගැටලු විසඳා නිවැරදි කිරීම් සිදු කරන තුරු සාකච්ඡා නැවත ආරම්භ කළ නොහැකි බව ප්‍රකාශ කළා.

ඉරානයේ ‘මෙහර්’ (Mehr) පුවත් සේවය වාර්තා කළ පරිදි, සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් සෙවීමට අතරමැදියන් තවදුරටත් උත්සාහ දරමින් සිටින නමුත්, ඇමරිකාව සිදු කළා යැයි කියන එම උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විසඳුමක් ලැබෙන තුරු සාකච්ඡා නැවත ආරම්භ කළ හැකි යැයි ටෙහෙරානය විශ්වාස නොකරන බව අරග්චි පවසා සිටියා.

“සාකච්ඡා සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය කිරීමට උත්සාහයන් දරමින් පවතිනවා,” යැයි පැවසූ ඔහු, ඇමරිකාව තම උල්ලංඝනය කිරීම් නිවැරදි කරන තුරු සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව නැවත අවධාරණය කළා.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නාවික මාර්ග වෙනස් කිරීම තාක්ෂණික සහ නීතිමය කාරණයක් බවත්, එය සමුද්‍ර සන්ධිය විවෘත කිරීමක් ලෙස නොසැලකෙන බවත් අරග්චි සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්