ගැටඹේ පන්සලේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයට විහාරාධිපති හිමි අත්අඩංගුවට

මහනුවර, ගැටඹේ දියකපනාතොට විහාරස්ථානය තුළ පහර දී පුද්ගයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශය මඟින් මෙම සැකකරුවන් අද (08) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මැණික්හින්න, ඉත්තමල්ලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකුගේ මළ සිරුරක් ඊයේ (07) අලුයම විහාරස්ථානයේ ගරාජයේ තිබී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

ඊයේ (07) අලුයම් කාලයේ විහාරස්ථාන පරිශ්‍රයට ඇතුළු වූ මෙම පුද්ගලයාට තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් අත්පා ගැටගසා අමානුෂික ලෙස පහර දී ඝාතනය කර ඇති බවයි විමර්ශනවල දී අනවරණය වී තිබුණේ.

විහාරස්ථානයට ඇතුළු වූ පුද්ගලයාගේ අත්පා ගැටගසා අමානුෂික ලෙස පහර දී පැය ගණනාවක් යනතුරු ම ඔහුව රෝහල් ගත කිිරීමට හෝ පොලිසිය දැනුවත් කිරීමට විහාරස්ථානය මඟින් පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිසියට බරපතළ සැකයක් මතුව තිබුණා.

විහාරාධිපති හිමි ඇතුළු පිරිස ඒ සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රකාශවල ඇති පරස්පරතාව මත පොලීසිය විසින් සිවිල් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබෙනවා.

විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක නිලධාරියාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසුව විහාරාධිපති හිමියන් මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46