‘ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන’ ගමේ ප්‍රමුඛ ම කාර්යය විය යුතුයි – අගමැති

ග්‍රාම නිලධාරී වසම් තුළ ක්‍රියාත්මක “ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු”  වෙත මූලික කරුණු ඇතුළත් උපදෙස් මාලාවක් නිකුත් කරන්නැයි, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (26) ස්වදේශ කටයුතු අංශයේ පැවති විශේෂ රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා.

ග්‍රාමීය, ප්‍රාදේශීය වශයෙන් ප්‍රමුඛත්වයේ ඉහළින් ම තිබිය යුතු වැඩසටහන, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන බවයි අගමැතිවරයා එහිදී අවධාරණය කළේ.

කුමන දේශපාලන මතයක් දැරුවද, ආහාර නිෂ්පාදනය වැඩිකරන, අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ගම් මට්ටමින් සියලු දෙනාට එක්වී කටයුතු කළ හැකි බවද ඔහු එහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56