ගල්කිස්ස උසාවියේ ආරක්ෂාවට යොදවා සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ විත්තිකරුවකු ඉලක්ක කර ඊයේ (04) වෙඩි ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ අධිකරණ සංකීර්ණ මුර පොලෙහි සේවයේ යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ බවයි වාර්තා වුණේ.

ඊයේ දිනයේ දී අධිකරණයේ ආරක්ෂාවට සහ පැමිණෙන පිරිස පරීක්ෂාවට කාන්තා පොලිස් නිලධාරිනියක ඇතුළු පොලිසියේ තිදෙනෙකු යොදවා තිබූ බව සඳහන්.

කෙසේ වෙතත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් ඊයේ පස්වරුවේ  වෙඩි තැබීමක් සිදුකර පුද්ගලයෙකු පලාගොස් තිබුණා.

එම වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සිදු වූයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31