ගල්කිස්ස උසාවියේ ආරක්ෂාවට යොදවා සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ විත්තිකරුවකු ඉලක්ක කර ඊයේ (04) වෙඩි ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ අධිකරණ සංකීර්ණ මුර පොලෙහි සේවයේ යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ බවයි වාර්තා වුණේ.

ඊයේ දිනයේ දී අධිකරණයේ ආරක්ෂාවට සහ පැමිණෙන පිරිස පරීක්ෂාවට කාන්තා පොලිස් නිලධාරිනියක ඇතුළු පොලිසියේ තිදෙනෙකු යොදවා තිබූ බව සඳහන්.

කෙසේ වෙතත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් ඊයේ පස්වරුවේ  වෙඩි තැබීමක් සිදුකර පුද්ගලයෙකු පලාගොස් තිබුණා.

එම වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සිදු වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?