ගනේමුල්ල සංජීවගේ අයිස්, කුඩු බෙදූ ප්‍රධාන ගෝලයාගේ ගෝලයා අල්ලයි

ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා වන මේ වනවිට විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන දික්පිටිගොඩ ළහිරු නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව රාගම පොලිස් වසමේ කැන්දලියද්ද පාළුව, ගල්වලවත්ත ප්‍රද්ශයේ සිදුකළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 526ක් සොයා ගැනීමට වැටලීම සිදුකළ නිලධාරීන්ට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු 33 හැවිරිදි වියේ පසුවන සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.