AFC Banner
Empty Ad
Empty Ad

ගංජා බිස්නස් කරපු නාවික හමුදාවේ දෙදෙනෙක් අත්අඩංගුවට

කරෙයිනගර් ප්‍රදේශයේදී ගංජා අලෙවි කිරීමට උත්සාහ කළ නාවික හමුදා පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ රාජකාරියේ නිරත අදාළ නාවික විමර්ශකයින් දෙදෙනා එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට ගංජා අලෙවි කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

කයිට්ස් පොලිසිය එම ස්ථානයට ගොස් ගංජා අලෙවි කිරීමට තැත් කළ නාවික හමුදා පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ ගංජා මිලදී ගැනීමට උත්සාහ කළ සාමාන්‍ය වැසියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 340ක් සොයා ගෙන ඇති අතර වැඩිදුර විමර්ශනවලින් අනතුරුව ඔවුන් කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?